Astrology numbers for your life


    තාරකා ශාස්ත්‍රය හරහා නිර්මාණය වී ඇති විශ්වීය ශිල්පයක් ලෙස ජ්‍යොතිෂයෙන් සිදුවන අපරිමිත සේවය අනන්තය. අප්‍රමාණය. එසේම මිනිසාගේ ජීවිතය කැඩපතක් සේ දකින තාරකා ශාස්ත්‍රයට අයත් අංක විද්‍යාව ද ඉතිහාසයට එක්වන්නේ පුරාණ බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ සිටය. ග්‍රීක ගණිතඥ පෛතගරස් විසින් නූතනයේ අංක විද්‍යාවට නව මුහුණුවරක් දෙමින් ලෝකය පුරා පැතිර යාමට සලස්වන ලද අංක විද්‍යාව කොටස් කිහිපයකට බෙදමින් දෛව අංකය, ජන්ම අංකය, පෞරුෂ අංකය, හෘද අංකය, යන ආකාරයෙන් මිනිසාගේ ත්‍රෛකාලය හඳුනා ගැනීමට උපයෝගී කරගෙන ඇත.


  දෛව අංකය සොයා ගැනීමේදී ඉතා පහසුවෙන් තම උපන්දිනය භාවිත කරනු ඇත. ඕනෑම කෙනෙකුගේ උපත ලැබු වර්ෂය, මාසය, දිනය එක් එක් ඉලක්කම බැගින් එකට එකතු කිරීමෙන් දෛව අංකය සොයා ගත හැකිය. උදාහරණයක් වශයෙන් 1950. 10. 12 දින උපත ලැබු අයෙකුගේ දෛව අංකය ලබාගන්නේ මෙසේ ය.

1 + 9 + 5 + 0 + 1 + 0 + 1 + 2 = 19 - 1 + 9 = 10 - 1 + 0 =1

  මෙහි දෛව අංකය වන්නෙ  අංක 1 ය... අපි බලමු දෛව අංක අනුව ඔබේ ජීවිතය කෙසේ විස්තර වේද කියා..

දෛව අංකය 1
බාහිර සමාජයේ ගැටලු නැහැ
අංක 1 අයත් වන්නේ රවි ග්‍රහයාගේ බලයට අනුවය. නායකත්වය එඩිතරකම නිතරම අපේක්ෂා කරන්නෙකි. කිසිවෙකුට හෝ වරදක් නොකරන ඔබ, ඔබට වරදක් ‍කරන්නෙකුට දඬුවම් දීමට පසුබට වන්නේ ද නැත. තමාට ඉටුකිරීමට අපහසු කටයුතු පවා නොපැකිලවම භාර ගන්නා ඔබට එය කෙසේ හෝ නිවැරදිව ඉටුකිරීමට හැකි වේ. සමාජයේ, පරපුරේ කැපී පෙනෙන චරිතයක් ලෙස ඔබ නොදන්නා දේ පවා දන්නා පරිදි කියා දීමට හැකියාව ලබා ඇත. ජීවිතය ජය ගැනීමට ඔබ ඕනෑම උපක්‍රමයක් හෝ අනුව කටයුතු කරන්නෙකි. නමුත් කපටි කෛරාටික ගතිගුණවලින් හෙබි අයකු නොවේ. ඔබ ඇසුරු කරන්නේ තෝරාගත් අය පමණකි. ඒ නිසා බාහිර සමාජයෙන් අනවශ්‍ය ගැටලු ඔබට නැත.

දෛව අංකය 2
සකසුරුවම ඇතිකර ගත යුතුය
ඔබේ උපන් දින එකතුවට අනුව 2 ලබා ඇති දෛවය අයත් වන්නේ සඳුටය. සිතේ කරුණාව මෛත්‍රිය ඇති, නිතරම චංචල සිතින් යුතු, බිය සැක අවිශ්වාසය නිසා සිතේ කනගාටුව ඇති, තේරුම් ගැනීමට අපහසු අයෙකි. ඔබ උපතින් සංවේදී අයෙකු වේ. කලාවට බොහෝ ලැදි වේ. සිතේ ඇති අදහස් දුරදිග නොබලා පැවසීම හානියකි. අනුන්ගේ විපතේ දී කම්පා වන ඔබ අනුකම්පාව නිසා බොහෝ කරදර පටලවා ගනී. නොසැලකිලිමත්කම ඔබේ දුර්වලතාවයකි. ගේ දොර අලංකාරවත්ව පිරිසිදුව තබා ගැනීම ඔබේ යහපත් ගුණයකි. සමාජ සුබසාධන සහ ආගමික කටයුතුවලට ඔබේ නැඹුරුව වැඩි වේ. සෙම් අමාරු, පීනස, වැනි ලෙඩ රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. ඔබේ මුදල් කටයුතු වරින් වර වෙනස් වේ. සකසුරුවම්කම ඇතිකර ගත යුතුයි. අනුන්ගේ අඩුපාඩු ඔබට හොඳින් පෙනේ. නමුත් එය පැවසීමෙන් ඔබටම හානිදායක විය හැකිය.

දෛව අංකය 3
වගකීම වගකීමක් ලෙස සලකයි
ඔබේ දෛව අංකයට බලපාන ග්‍රහයා ගුරු හෙවත් බ්‍රහස්පතිය. ඔබ බොහෝ ගුණවත්, සාධාරණ, කාරුණික අයෙකි. ලෝබකම සහ ආත්මාර්ථකාමිත්වය පැවතිය හැකිය. නමුත් පසු වයසේදී එය ත්‍යාගශීලී බවටත් අනුකම්පාවටත් හැරෙනු ඇත. ඔබේ තරුණවිය බොහෝ සුන්දරත්වයෙන් පිරී ඇත. පසු වයසේදී ආගමට දහමට නැඹුරු වී බොහෝ කුසල් කටයුතුවල නියැළෙනු ඇත. සෙමෙන් වැඩිවන දියුණුව නිසා ආර්ථිකයේ ස්ථාවර බවක් ඇතිකර ගත හැකිය. මුදල් පරිහරණයේදී සංවිධානාත්මක නොවීම ඔබේ අඩුපාඩුවකි. ඔබ ඕනෑම දෙයක අන්තයටම නොයයි. කිසිවෙකුට යටත් නොවන්නා සේම අන් අය ද යටත් කර නොගනී. වගකීමෙන් ඕනෑම දෙයක් පැවරිය හැකි අයෙකි. තුනටිය අමාරු, වාත අමාරු විය හැකිය. නිර්මාණශීලිත්වය, සැබෑ දක්ෂතාවය ඔබට ඇත.

දෛව අංක 4
නීතිගරුක පුද්ගලයෙකි
රාහු සහ යුරේනස් ග්‍රහයින්ගේ බලය පවතින දෛව අංකයයි. පීඩිත ජනතාවගේ පන්තිය නියෝජනය කිරීම ඔබේ අධිෂ්ඨානය වේ. අදහස් නිවැරදි වුවද නොවුවද එය ක්‍රියාත්මක කිරීම නිසා අපහසුතාවයට පත්වීමට ද ඉඩ ඇත. ගැටලු නිරාකරණය කිරීමේදී, ක්‍රමයෙන් ලිහාගෙන යාම ඔබේ ක්‍රමවේදයයි. ප්‍රධානීන් සමඟ ගැටුම් ඇතිවිය හැකිය. මැලේරියා, වසූරිය, සහ වෙනත් වසංගත රෝග ඇතිවිය හැකිය. ඔබ වැඩිහිටියන්ට ගරු කරන අයෙකි. නමුත් විවාහය පිළිබඳව වඩාත් සැලකිලිමත් වී‍ම ඔබේ යහපතට හේතු වේ. විවාහයේ ගැටලු ඇතිවිය හැකිය. නපුරු ස්ත්‍රීන් හෝ පිරිමින් නිසා ගැටලු ඇතිවිය හැකිය. බොහෝ දුක් මහන්සියෙන් මුදල් ඉපයීමට ඔබට සිදුවේ. ඔබ නීතිගරුකය. නමුත් ඔබට වරදින විටදී සහායට කිසිවකු හෝ නැතිවිය හැකිය. පරෙස්සම් වන්න.

දෛව අංකය 5
පිරිසුදු සිතක්
බුදට අයත් 5 වැනි දෛව අංකය ඔබට බොහෝ වාසනාව ගෙන දෙනු ඇත. එකම කටයුත්තක එක දිගටම රැඳි සිටීමට ඔබට නොහැකිය. බොහෝ බුද්ධිය වඩවන කටයුතු වරින්වර වෙනස් කරයි. ඔබ එයින් ආත්ම තෘප්තියක් ලබයි. ලේඛනය චිත්‍ර ශිල්පීය හෝ වෙනත් කලා මාධ්‍යයක් ඔබේ ජීවිතය හා සමාන විය හැකිය. බොහෝ දේ ඉගෙන එය ඉගැන්වීමට පවා ඔබට හැකියාව ඇත. ඔබ ආරම්භ කරන කටයුතු අතරමඟ නතර කර දැමීම දුර්වලතාවයකි. විවිධත්වයට කැමැති අයෙකි. ඔබේ සියලු කටයුතු පිළිවෙළය. නමුත් හදිසි අවස්ථාවන්හිදී නොසන්සුන්කම නිසා වැඩ කටයුතු අවුල් කර ගනී. ස්නායු රෝග, නහර දුර්වල වීම විය හැකිය. රැවටීම්වලට හසුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. බොහෝ අය ඔබව ඇසුරු කිරීමට කැමැත්තක් දක්වනු ඇත. ඔබේ සිත පිරිසිදුය.

දෛව අංකය 6
සමබර ජීවිතයක් ගතකරයි
හයවැනි දෛව අංකය සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයාගේ බලයට යටත් වේ. යහපත් ගතිපැවැතුම්වලින් යුක්ත වේ. ඔබ තනිවම තීරණ ගන්නේ නැත. අන් අයගේ අදහස් ගරු කරයි. ඕනෑම දෙයක් එක එල්ලේම පිළිනොගෙන හොඳින් සොයා බලා තීරණ ගන්නා අයෙකු වේ. ඕනෑම කෙනෙකු සමඟ සමගියෙන් කටයුතු කිරීමේ කලාව හොඳින් දනී. සමබර ජිවිතයක් ගතකරන ඔබ පෙම් සබඳතාවලදී අපහසුතාවයට පත් විය හැකිය. ඕනෑම කෙනෙකු සමඟ ඒ ඒ අයට ගැළපෙන ආකාරයට ඇසුරු කරන අයෙකි. කලාවට ලැදි ඔබට යහපත් විවාහයක් හිමිය. නමුත් දෙදෙනා අවබෝධයෙන් යුතු නොවේනම් ඔබ බොහෝ කලකිරීමට පත්වේ. සමාජයේ ගෞරවය ලැබිය හැකිය.

දෛව අංකය 7
අධ්‍යාපනයෙන් ඉහළට
කේතු සහ නෙප්චූන් ග්‍රහයින්ගේ බලය පෙන්වන 7 වැනි දෛව අංකය ඔබේ නම්, ඔබේ කටයුතු කිසිවකු හෝ දැනගන්නවාට ඔබ කැමති නැත. කෙතරම් බාධක පැමිණියත් ඔබේ අරමුණ දක්වාම නිර්භීතව ගමන් කරන අයෙකි ඔබ. අධ්‍යාපන කටයුතු සාර්ථක වී එයින් ආදායම් ලැබිය හැකිය. දුරදිග බලා කටයුතු කරයි. නමුත් සිතේ චංචල ගතිය, බය සැක, අවිශ්වාසය, නිසා ඔබේ කටයුතු ගුප්ත බවක් ගනී. සෙම් අමාරු, ආමාශගත රෝග, බෝවන රෝග, සමේ රෝග ඇතිවිය හැකිය. තරුණ විය ඉක්මවූ පසු දියුණුව බොහෝ ඇති වේ. ඔබ ඕනෑම දෙයක් කෙරෙහි විශ්ලේෂණාත්මකව සහ ගවේෂණාත්මකව සොයා බලයි. අන් අයට උපකාර කිරීමෙන් අමාරුවේ වැටේ.

දෛව අංකය 8
ලෞකික දියුණුව
ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගේ බලය පවතින 8 වෙනි දෛව අංකය ඔබට බොහෝ ලෞකික දියුණුවක් ලබා දෙනු ඇත. මුදල් පරිපාලනය කෙරෙහි යොමු කරවන, නායකත්වය ලැබෙන කටයුතුවල නිරත කරවන පිහිටීමකි. ඔබට නිතරම වැඩෙහි යෙදීමට අවශ්‍ය වේ. නිතර ගමන් යෙදේ. තමා වැඩ කිරීම සේම අන් අයගෙන් වැඩ ගැනීමට ද දක්ෂ වේ. කෙතරම් අගහිඟකම් තිබුණ ද කිසිවෙකුට හෝ අත නොපායි. ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නා අයෙකු වේ. ඔබට පළපුරුද්දෙන් බොහෝ දේ කළ හැකිය. වෙළෙඳ ව්‍යාපාර, විදේශ කටයුතු ඔබට උරුමය. ඕනෑම දුකක් කරදරයක් විඳ දරා ගැනීමට ශක්තියෙන් යුක්ත වේ. ඔබට විවේකයක් අවශ්‍ය නැති තරම්ය. දණහිස් සහ උදරයේ වේදනා දෙන පීඩාවන් විය හැකිය. .

දෛව අංකය 9
අවදානමට බිය නොවෙයි
කුජ හෙවත් අඟහරු ග්‍රහ බලයට යටත් වන දෛව අංක 9, ඔබේ විවාහය කෙරෙහි තදින් බල පවත්වනු ඇත. සහකරු හෝ සහකාරිය නොගැළපේ නම් කුජ බලය නිසා බොහෝ ගැටුම් ඇතිවිය හැකිය. ඕනෑම දෙයක් පිළිබඳව තර්කයෙන් ජය ගැනීම ඔබේ සිරිත වේ. ඔබගේ කතාව විදානාත්මකය. එය බොහෝ විට අන් අයට ගෝචර නොවන නිසා අමනාපකම් විය හැකිය. ඔබ පරාජය වීමට කැමති නැත. නමුත් ඔබ යුක්තියට ගරු කරන, අවශ්‍ය අයට අනුකම්පා කරන, එඩිතර, ආඩම්බර, විනෝදයට කැමති, සටන්කාමී අයෙකි. මුදල් යෙදවීමෙන් දියුණුව ලැබිය හැකිය. අධික වියදම් පාලනය කරගත යුතු වේ. ශරීරයේ උෂ්ණාධික වීම, ඇස්වල දෝෂ, හිසට අමාරු, සමේ රෝග පහසුවෙන් ඇතිවේ.
SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment