Mom hears son's heartbeat after his death


Lucas and Mom

 මේ කතා පුවතට අම්මලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා.  ඉන් එක් මවක් සත්මස් වියැති සිගිත්තෙකුගේ මව වූ හීතර් ක්ලාක්.  ඇගේ පුතාගේ නම ලුකාස්. ඔවුන් ජීවත් වන්නේ උතුරු ඇමරිකවේ කැලිපෝනියා වලයි.



  අනෙක් මව එස්තර් ගොන්සාල්ස් 34 වියැතියි. ඇය ජීවත් වන්නේ ඇරිසෝනාවේ වැන්ඩ්මිලර් නගරයේ. ඇගේ දියණියගෙ නම ජෝඩාන් ඩ්රේක්. ඇය සිව් මස් වියැති බිළිදියක්.

  මේ කථාව ඇරබෙන්නේ පුංචි ජෝඩාන් පෙලෙන රෝගී තත්වයක තොරතුරු හෙලිවීමත් සමගයි. ඇය තද බල හදවත් රෝගී තත්වයකින් පෙලෙනවා. තෙමස් වියැති ඇයි සැත්කමකට පවා භාජනය උනා. ඒ ඇගේ නහරයක් යථා තත්වයට ගෙන ඒමටයි. එහෙත් 2012 වසරේදී ඇගේ රෝගී තත්වය එන්න එන්නම නරක අතට හැරෙන්න පටන් ගත්තා. ආමාශයට හා මොළයට ලේ වහනය වෙමින් තිබුනු අතර මෙයින් ඇගේ ජීවිතයට මහත් අනතුරක් ලගා වෙමින් තිබෙන බව වෛද්‍යවරුන්ට වැටහුනා.  2013 දී වෛද්‍යවරු ජෝඩාන්ගෙ මවට දන්වා සිටියේ ඇගේ ජීවිතය බේරා ගැනීමට නම් ඉතා ඉක්මනින් ඇයට අලුත් හදවතක් බද්ධ කල යුතු බවයි. 

  ඇත්තෙන්ම මෙය ඉතා අවදානම් සහගත බැරෑරුම් කාර්්‍යයක්.  එහෙත් අලුතින් හදවතක් බද්ධ කිරීම කෙසේ හෝ කල යුතු වන්නේ තව දුරටත් ජීවිතය පවත්වා ගැනීමට තම දියණියට ලැබෙන දෙවෙනි අවස්ථාවක් වන බව ජොඩා්න්ගේ මව එස්තර් තේරුම් ගත්තා. 

  නමුත් මෙය කෙසේ ඉටු කල හැකි ද, ඇගේ ලේ වලට ගැලපෙන හදවතක් කෙසේ සොයන්න ද යන ගැටලුවට ඇය එහි දී මුහුණ දුන්නා. ඇය තම  ෆේස්බුක් ගිණුමේ මේ හදවත පිළිබද බැගෑපත් ඉල්ලීමක් සදහන් කලා. පුදුමයට වගේ එම දෙවෙනි අවස්ථාව ඇගේ දියණියට ලබා දීමේ මගක් හදිසියේ දීම පැදුනේ මේ අවස්ථාවේ දී. 


Drake with Lucas


  මේ අතර කලින් සදහන් කල මව වන හීතර් ක්ලාක්ගේ සත් මස් වියැති පුතු හදිසි අනතුරකින් ඔත්පලව මිය යමින් සිටියේ. ඔහු ජීවිතය රැකගෙන සිටියේ පිටතින් සවිකරන ලද වෙන්ටිලේටර් යන්ත්‍රයක ආධාරයෙනි. හදවත ක්‍රියා කලත් ඔහුගේ හදවත ඒ වන විට අක්‍රීය වෙලා තිබුනේ. 

  මෙසේ සිටින රෝගීන්ගේ අවයව අන් අයට ප්‍රධානය  කරන සංවිධනයක් ඇයට උපදෙස් දුන්න ද තව දුරටත් තම දරුවාගේ ජීවිතය ගැන බලාපොරොත්තු තබමින් ඇය නිහඩව සිටියා. එහෙත් එම තීරණය ක්‍රමයෙන් වෙනස් උනා. ඇය ඉන්ද්‍රීය පදනම අමතා තම දරුවාගේ ඉන්ද්‍රියන් පරිත්‍යාග කිරීමට තම විරෝධයක් නොමැති බව දන්වා සිටියා. 

   “ මමට දැනුන වේදානාවන් තවත් මවකට දෙන්න මම කැමති උනේ නෑ. ඒ නිසා මම මේ දෙයට කැමති වෙනවා “ ඇය කියා සිටියේ එහෙමයි.

   ඒ අනුව කැලිපෝනියාවේ සිට ගෙන එන ලද ලුකාස් බිළිදාගේ හදවත කැලිපෝනියවේ පෝනික්ස් ළමා රෝහලේ දී ජෝඩාන්ට බද්ධ කෙරුනා. සැත්නම සාර්ථකව නිම කල බව වෛද්‍ය වරු සහතික උනා. 

ඉන් වසර කීපයකට පසු ලුකාස්ගෙ මව ඉන්ද්‍රීය ප්‍රදාන පදනම වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ තම පුතුගේ හදවතින් ජීවිතය ලද දැරියව හමු වීමට තමාට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.  මෙය ජෝඩාන්ගෙ මව වෙත දැන් වීමෙන් අනතුරුව මව්වරු දෙදෙනා අතර ඔවුන්ගේ  ෆේස්බුක්  ගිණුම් හරහා පණිවිඩ හුවමාරුව ඇරඹුනා. එහි ප්‍රථිපලයක් ලෙස දැරිය හමු වීමට ලුකාස්ගෙ මව තීරණය කලා. 



    එය ඉතාම හැගීම්බර මොහොතක් උනා. කැලිපෝනියාවේ සහ ඇරිසෝනාවේ මව්වරු දෙදෙනාම එකිනෙකා දෙස බලා සිටියා. ඉන් පසු ලුකාස්ගෙ මව වෙද නළාව අතට ගෙන ජෝඩාන්ගේ පපුවට තබා කන් දී සිටියා. ඇය දිටියේ ඇස් පියාගෙන. ඇගේ දෙනෙතින් බලා සිටිද්දී කදුලු ගලා යන්නට පටන් ගත්තා.  

“ ඒ ඔබේ පුතා “ ජෝඩාන්ගෙ මව පැවසුවා.  “ මෙය හරියට ඇස් බැන්දුමක් වගේ. මට හරිම පුදුමයි. මේ ගැන කියන්න මට වචන නෑ. මට දැනෙන්නෙ මා ඉදිරියේ මගේ පුතා ලුකාස් ඉන්නවා වගේ. “ 

  මේ හඩ කියන්නෙ මගේ පුතු තවමත් ජීවත් වන බව ද එසේ නැතිනම් ජීවත් වන්නේ පුතුගේ හද රැගත් ජෝඩාන්ගේ සිරුර ද ඇය කතා කර ගත නොහැකිව බලා සිටියා. 

 ඇත්තටම මේ ඉන්නෙ ජෝඩාන් ද ලුකාස් ද, කාටත් සිතුනේ එහෙයි.  
SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment