21 Signs You Have a Great Boyfriend


  

   ඔබ පේ‍්‍රම සම්බන්ධයක් තියන කෙනෙක් නම් දන්නවා ඇති සම්බන්ධයක් පවත්වා ගෙන යන එක කට්ටිය හිතා ගෙන ඉන්න තරම් පහසු දෙයක් නෙවෙයි කියලා. සාර්ථක විදිහට පෙම් සම්බන්ධයක් තියා ගන්න නම් සැකය, ඊර්ෂ්‍යාව, කේන්තිය පිරුණු අවස්ථා බොහොමයක් නිවැරදිව හසුරුවා ගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක්. 


   මේ දේවල් අවශ්‍ය සීමාව ඉක්මවා ගියාම ඒ සම්බන්ධය වැඩක් නැතිව යනවා, මොකද දෙන්නා වැඩිපුර ඉන්නේ ආදරයෙන් නෙවෙයි, රණ්ඩු වෙවී. මේ නිසා සම්බන්ධයක් පවත්වා ගෙන යද්දී තමන්ගේ හැඟීම් හා ආවේග පාලනය කර ගන්න හැටි වගේම අනිත් කෙනාගේ හැඟීම් හා ආවේග වලට ප‍්‍රතිචාර දක්වන විදිහ ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඔබෙන් බාහිරට පෙනෙන හැඟීම් වලට තරහ ගන්නවා වෙනුවට ඔබට ඇත්තටම තියෙන හැඟීම්, ඔබේ ප‍්‍රශ්න සහ ඔබ කැමති අකමැති දේවල් හරියට අඳුර ගන්න පුළුවන්, ඔබට ගොඩක් ආදරේ පිරිමි ළමයෙකු ඔබට ඉන්නවා නම් ඔහු ඇත්තටම ඉතා වටිනා පෙම්වතෙක්.

කොහොම වුනත් එහෙම කිව්වට තමන්ගේ කෙනා හොඳ කෙනෙක්ද කියලා එක පාරට අඳුර ගන්න අමාරුයි. මේ හින්ද බොහොම ලේසියෙන් ඒක දැන ගන්න පුළුවන් විදිහේ කාරණා කීපයක් තමයි දැන් කියන්න යන්නේ. මේ වගේ ලක්ෂණ ඔයාගේ පිරිමි ළමයාටත් තියෙනවා නම්, විශේෂයෙන්ම මේ කියන්නේ ඔයාගේ කෙනා ගැනමයි කියලා කියවා ගෙන යන කොට හිතෙනවා නම් ඔබ ඇත්තටම හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්. එහෙම පිරිමි ළමයෙක් හැමදාම තමන්ගේ කරලා තියා ගන්න ඔයත් උත්සුක වෙන්න. දිගටම කියවන්න උත්සාහ කරන්න.

1. එයා තමයි ඔයාගේ හොඳම රසිකයා.

ඔයාගේ ජීවිතයේ වැදගත් ජයග‍්‍රහණ හැම එකකදීම එයා තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ. අවංකවම සතුටකින් ඔයාට සුබ පතන්නත් එයා වග බලා ගන්නවා. හැම දවසකම ඔයා ගැන හොයලා බලනවා වගේම මොන ප‍්‍රශ්නයක් ආවත් විනෝදයෙන් ඉන්නවා. එයත් එක්ක ඉද්දී කිසිම පාලූවක් කම්මැළි කමක් නැහැ, මොකද එයා එක්ක ඉද්දී ඔයා තමයි ලෝකේ සතුටින්ම ඉන්න ගෑනු ළමයා කියලා ඔයාටම හිතෙනවා. එයා එක්ක කතා කරාම ඔයාගේ හැම ප‍්‍රශ්නයක්ම අමතක වෙලා සතුටින් ඉන්න තමයි හිතෙන්නේ.

2. පරාජයන් වලදී වුනත් එයා ඔයා ගැන ආඩම්බර වෙනවා.

ජීවිතේ කවුරුත්ම හැමදාම ජයග‍්‍රහණ විතරක් ලබන්නේ නෑ. නමුත් පරාජයන්ට මුහුණ දුන්න වේලාවකදී වුනත් ඔයාගේ හිතේ දුක තුනී කරලා ධෛර්යමත් කරන්න එයාට පුළුවන්. එයා ඉන්න නිසා මොන දේ නැති වුනත් කමක් නෑ කියලා ඔයාට නිතරම හිතෙනවා. මොන දේ වුනත් ඔයාව එයාට වටින නිසා ඔයා බය නැතුව අභියෝගයන්ට මුහුණ දීල ඒවා ජය ගන්නට අවස්ථාව ලබා ගන්නවා.

3. නිතරම කෝල් කරන්න, මෙසේජ් කරන්න අමතක කරන්නේ නෑ.

එයා ඔයා ගැන නිතරම හොයලා බලනවා, හමයි ඔයාට කරදරයක් වෙන්නේ නැති විදිහට. හැමදාම උදේට ?ට ගුඞ් මෝනින්, ගුඞ් නයිට් කියලා එවන එක වගේම අද හොඳට කෑම කන්න, ඉක්මනට නිදා ගන්න වගේ දේවල් කියලත් සැරින් සැරේ මෙසේජ් හරි කෝල් හරි දානවා. විශේෂයෙන්ම එයා තමන්ගේ මිතුරන් එක්ක හිටියත්, වෙනත් වැඩක යෙදිලා හිටියත් වෙලාවක් හොයා ගෙන හරි ඔයා ගැන හොයලා බලන්න අමතක කරන්නේ නෑ. පුරුද්දට වගේ නියම කර ගත්තු වෙලාවට කෝල් මෙසේජ් එවනවා වගේම සමහර වෙලාවට හිතන්නේ නැති වෙලාවටත් එයා ඔයා ගැන මතක් කරනවා. මෙහෙම වෙන්නේ නිතරම ඔයා එයාගේ හිතේ ඉන්න නිසයි.

4. එයා ඔයාගේ දොස්තර වගේ.

ඔයාට ලෙඩක් දුකක් හැදුණා නම්, වෙනත් මොනවා හරි අපහසුවකින් ඉන්නවා නම් එයා ඒ ගැන හොඳට මතක තියා ගෙන වෙනදටත් වඩා ඔයා ගැන හොයලා බලනවා. වෙලාවට බෙහෙත් බොන්න, කන්න හොඳ නැති දේවල් කන්න එපා කියන එක එහෙම මතක් කරනවා. සමහර වෙලාවට ඔයා බොන බෙහෙත් පවා එයාට මතකයි. එයා ළඟ නැති වුනත් ඒ අඩු පාඩුව දැනෙන්න නොදී ඔයාව බලා ගන්නවා. ඔයා දුකෙන් ඉද්දී අවංකවම දුක් වෙනවා. ඔයාට ඉක්මනටම සුව වෙන්න කියලා හදවතින්ම ප‍්‍රාර්ථනා කරනවා.

5. ඔයා අඬනවාට එයා කැමතිම නෑ.

ඔයා අඬනවා දැක්කම එයා පුදුම විදිහට දුක් වෙනවා. ඔයාගේ හිතේ තියෙන දුක එයාට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔයා දුකෙන් ඉද්දී එයාත් හරිම අපහසුවෙන් තමයි ඉන්නේ, මොකද ඔයාට සතුටෙන් ඉන්න බැරි වුන එක එයාගේ වරදක් විදිහට අරගෙන එයා හිතෙන ගොඩක් දුක් වෙවී ඉන්නේ. මොනවා හරි කරලා ඔයාගේ මුහුණට හිනාවක් ගේන්න එයා පුළුවන් උපරිම උත්සාහය ගන්නවා. සමහර වෙලාවට එයා දුක් වෙන විදිහ දැක්කම ඔයාටම එයා පව් කියලා හිතිලා කඳුළු පිහිදා ගෙන බොරුවට හරි හිනා වෙලා ඉන්නයි හිතෙන්නේ.

6. එයා තමයි ඔයාගේ සුපිරි වීරයා.

එයා මොන දෙයින් වුනත් ඔයාව ආරක්ෂා කර ගන්නවා. තමාගේ ගැන වුනත් වැඩිය හිතන්නේ නැතිව  ඕනෑම වේලාවකදී ඔයාව බේරා ගන්න එයා ලෑස්තියි. ඔයාට යම් කරදරයක්, හිරිහැරයක් වෙන දෙයක් සිද්ධ වුනොත් එයා එක පෞද්ගලිකවම එයාට සිද්ධ වෙච්ච දෙයක් විදිහට සලකලා ඔයාට උදව් කරනවා. ඔයාට කරදරයක්, ඔයාගේ හිත රිද්දන දෙයක් කෙනෙක් කරොත් එයාගෙන් බේරිල්ලක් වෙන්නේ නෑ.

7. ඔයාට වැඩ තියෙන වෙලාවට තරහා ගන්නේ නැහැ.

ඔයා කරන වැඩ ගැන එයාට හොඳ අවබෝධයක් තියෙන නිසා ඔයාගේ වැඩත් එක්ක වෙලාව අඩු වෙන එක ගැන අනවශ්‍ය විදිහට තරහ ගන්නේ නැහැ. මහන්සි වෙලා, එපා වෙලා ඉන්න වෙලාවට ඔයාව හිනස්සවලා සතුටු කරන්න තමයි එයා නිතරම උත්සාහ ගන්නේ. මොනවා හරි පුළුවන් උදව්වක් කරලා ඔයාගේ අමාරු වැඩ මොනවා හරි තියෙනවා නම් පහසු කරලා දෙන්න තමයි එයා උත්සාහ කරන්නේ.

8. එයා ඔයාට ලොකු ආදර්ශයක් කර ගන්න පුළුවන්, ඔයාව ධෛර්යමත් කරවන කෙනෙක්.

ඔයාගේ මොකක් හරි හීනයක් තියෙනවා නම් එතනට යන්න එයා ඔයාට උදව් කරනවා. එයා තමන්ගේ දේවල් හරියට කර ගන්න හැටි දැක්කම ඔයාටත් හිතෙනවා තව ධෛර්යමත් වෙලා ඔයාගේ හීනත් සැබෑ කර ගන්න කටයුතු කරන්න. මොනවා හරි බාධාවක් ආවොත් ඔයාව නැගිට්ටවන්න එයා ඔයා පස්සෙන්ම ඉන්නවා කියලා දැනෙන නිසා ඉස්සරහට යන්න ඔයාට බයක් නැහැ. එයාව ආදර්ශයට අරගෙන ඔයාගේ ජීවිතය හරි ගස්ස ගන්න පුළුවන්.

9. එයා තමයි ඔයාගේ ලොකුම පිටිවහල.

හැමදාම එයා තමයි ඔයාව ඉස්සරහට තල්ලූ කරන්නේ. ඔයාට මොකක් හරි දෙයක් ගැන බයක් හරි අවිනිශ්චිත බවක් හරි දැනුණ වෙලාවක ඔයාගේ හිත හදන්න එයාට පුළුවන්. මුළු ලෝකයම ඔයාට එරෙහිව ඉන්නවා කියලා දැනුනත් එයා ඔයාගේ පැත්ත ගන්න බව විශ්වාස නිසා ඔයාට බයක් නැතිව ඉන්න පුළුවන්. කොයි විදිහකින්වත් ඔයා වැටෙන්න නොදී තියා ගන්න එයා වග බලා ගන්නවා. ඔයාගේ මොන ප‍්‍රශ්නයේදී වුනත්, ඔයාට මොන තරම් අසරණ කමක් දැනෙන වෙලාවකදී වුනත් එයා ඔයාට ශක්තියක් වෙලා ඒ දේ දරා ගන්න උදව් වෙනවා.

10. ඔයාලා දෙන්න අතර ආගම ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.

මේක ආගම් දෙකකට අයිති ජෝඩුවකට තමයි අදාළ වෙන්නේ. ඔයාගේ විශ්වාස ගැන කවදාවත් එයා අඩු කොට සිතන්නේ නැහැ. පොඩි පොඩි මත භේද ඇති වුනත් වාද කරලා දිනනවා වෙනුවට තරහ නොවී සම්මුතියකට එන්නයි එයා බලන්නේ, මොකද ජයග‍්‍රහණයට වඩා එයාට වටින්නේ ඔයාවයි. මේ වගේ අදහස් කවදාවත් ඔයාලා දෙන්නාගේ සම්බන්ධයට ප‍්‍රශ්නයක් වෙන තරමට දුර දිග යන්න එයා ඉඩ දෙන්නේ නැහැ.

11. එයා ඔයාව විශ්වාස කරනවා වගේම ඔයාටත් එයාව විශ්වාස කරන්න පුළුවන්.

දෙන්න දෙන්නා ගැනම පොඩි පොඩි ඊර්ෂ්‍යාවල් වගේම සැකයනුත් ඇති වෙනවා තමයි, හැබැයි ටිකක් හිතලා බැලූවම එයයි ඔයයි ඔය දෙන්නාගේ විතරයි කියන එක ඔයාලා දෙන්නම හිත යටින් දන්නවා. වෙනත් ගැහැණු ළමයි, සමහර විට ඔයාට වඩා ලස්සන අය වුනත් එයා ආශ‍්‍රය කරත් ඔයාට විශ්වාස කරන්න පුළුවන් එයා ඔයාගෙම විතරයි කියලා. ඔයා ගැනත් ඒ විදිහටම විශ්වාසයක් එයාට තියෙනවා.

12. එයා ඔයාට තමන්ගේ ආදරය පෙන්නන එක අඩු කරන්නේ නැහැ.

හැම වෙලාවේම එයා ඔයාට ආදරේ බව මොන ක‍්‍රමයකින් හරි පෙන්නන්න උත්සාහ ගන්නවා. ඒක  ර්‍ණෂ කදඩැ හදම” කියලා එවන මෙසේජ් එකක් වෙන්නත් පුළුවන්, පුළුවන් හැම වෙලේම කනට කරලා කියනවා වෙන්නත් පුළුවන්. කොයි තරම් කාලයක් ගියත් එයාගේ ආදරේ අඩුවක් නෑ කියලා ඔයාට නිතරම හිතෙනවා.

13. කියලා විතරක් නොනැවතී ඔප්පු කරලා පෙන්නන්නත් එයා අමතක කරන්නේ නෑ.

ආදරෙයි කියලා කියනවා විතරක්ම නෙවෙයි, පුළුවන් හැම වෙලාවකදීම එයා තමන්ගේ ආදරේ පෙන්වනවා. කොහේ හරි යද්දී අතින් අල්ලා ගෙන යනවා, ඔයාගේ ලඟින් ඉද්දී ඔයාගේ කොණ්ඩය අත ගානවා, බෙල්ල මසාජ් කරනවා, පුළුවන් වෙලාවට තුරුළු කර ගන්නවා, කිස් කරනවා, ගෙදරටම ඇරලනවා, කෑම අරන් දෙනවා· මේ වගේ ගොඩක් දේ කරලා එයා ඔයාට තමන්ගේ හිතේ තියෙන ආදරේ පෙන්නනවා පුළුවන් හැම වෙලාවකම.

14. හැම සංවත්සරයකටම දෙන්නන් වාලේ තෑගි භෝග දෙන්න  ඕනේ වෙන්නේ නැහැ.

එයා ඒ වගේ අවස්ථාවන් වලදී ඔයා ලබා දෙන තෑගි අගය කරනවා වගේම ඔයාටත් තෑගි දෙනවා තමයි, හැබැයි මොනයම් අවස්ථාවක හරි ඔයාට ඒ දේ කරන්න බැරි වුනා කියලා ඒක අඩුවක් විදිහට හිතන්නේ නැහැ. මොකද එයාට ඔය මොන තෑග්ගටත් වඩා ඔයාව වටිනවා.

15. එයා ඔයාගේ ලස්සන දකින නිසා ඔයාට තමන්ගේම ලස්සන ගැන ආඩම්බර හිතෙනවා.

ඔයාගේ ලස්සන ගැන, ඔයාගේ හුරුබුහුටි ගතිය ගැන එයා නිතරම ඔයාට කියනවා. ඔයා අලූත් විලාසිතාවක් කලොත්, අලූත් ඇඳුමක් ඇන්දොත්, කොණ්ඩය හැදුවොත් එකෙන් ලැබෙන ලස්සන ගැන එයා අවංකවම සතුටු වෙලා ඒ ගැන ඔයාට කියනවා. හැම වෙලාවේම ඔයාව අගය කරන නිසා ඔයාට හිතෙන්නේ ඔයා ලෝකේ ලස්සනම ගෑනු ළමයා කියලා. සමහර විට එයාගේ ආදරය ලබා ගන්න හිතා ගෙනම ඔයා තව ලස්සන දේවල් කරනවා. ඒවාට නිසි අගය කිරීමකුත් ලැබෙන නිසා කවදාවත් අපරාදේ මේකට සල්ලි වියදම් කලේ කියලා ඔයාට කවදාවත් හිතෙන්නේ නෑ.

16. එයා ළඟ ඉද්දී ඔයාට ආරක්ෂාවක් දැනෙනවා.

කොහේ හරි යද්දී තනියෙන් යන්න බය වෙන එක, විශේෂයෙන්ම අඳුරු, පාළු තැන වලට යන්න බය වෙන එක ගෑනු ළමයින්ගේ හැටි. ඒත් එයා ඔයා ලඟින් ඉද්දී ඒ දේවල් ගැන ඔයාට කිසිම ගානක් නෑ. එයාගෙන් ඔයාගේ තනිය මැකෙන නිසා වගේම එයා ඔයාට ආරක්ෂාව දෙනවා කියන දේ යටි හිතටම දැනෙන නිසා තමයි ඒ විදිහට ගැහැණු ළමයෙකුට තනියම ඉන්න බයක් නැති වෙන්නේ. පිරිමි ළමයෙක් ගැන ඒ වගේ හිතෙනවා කියන්නේ ඔයාගේ හදවතත් එයාගේ ආරක්ෂාව පිලි අරන් කියන එකයි.

17. කොච්චර රණ්ඩු වුනත් තරහ ගියත් ආදරේ අඩුවක් නෑ.

කොයි තරම් රණ්ඩු වුනත් දෙන්නා වාද කරනවා මිසක් බලෙන් හිත රිද්දන්න උත්සාහ කරන්නේ නෑ එයා. කොයි තරම් තරහෙන් හිටියත් යාළු වුනාට පස්සේ ඒ සේරම අමතක කරලා දාන්න එයාට පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයාට දැනෙනවා අපි දෙන්නා රණ්ඩු වුනාට පස්සේ අපේ ආදරේ තවත් වැඩි වුනා කියලා. එහෙම හිතෙන විදිහට දෙන්නම ගොඩක් වෙලා කතා කරලා තමයි යාළු වෙන්නෙත්. ඒ නිසා ඔයාලා දෙන්න අතරේ ඇති වෙන රණ්ඩු වලින් සම්බන්ධයට එකතු වෙන දෙයක් මිස නැති වෙන දෙයක් නෑ.

18. තමන්ගේ හිතේ තියෙන හීන ගැන එයා ඔයාට කියනවා.

එයා අනාගතයේ කරන්න හිතා ගෙන ඉන්න දේවල් ගැන නිතරම එයා ඔයාට කියනවා. ඒ වගේම ඒ හීන ඔයාට අදාළ වෙන්නේ කොහොමද කියන එකත් එයා ඒ කතාවටම එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ. ඔයාගේ අදහස්, ඔයා කැමති දේවල් එක්ක එයාගේ හීන ගලපා ගන්නත් එයා වග බලා ගන්නවා. මේ නිසාම අනාගතය ගැන එයත් එක්ක කතා කරන හැම මොහොතේම හරි සතුටක් දැනෙනවා වගේම තමන් එයාගේ අනාගතයේ කොටසක් කියන එකත් හැම වෙලාවේම ඔයාට දැනෙනවා.

19. ඔයා ගැන එයා හැමදාම සම්පුර්ණ විශ්වාසය තියනවා.

එයා හැමදාමත් දකින අනාගත හීන වල මූලිකම කෙනා ඔයා. කවදා හරි කොයි තරම් ඉහළට ගියත් එයාට විවාහ වෙන්න  ඕනේ ඔයත් එක්කමයි. ඔයා නැතිව මේ කිසිවක් වැඩක් නෑ කියන දේ එයාගේ කතාවෙන් අවංකවම ඔයාට තේරෙනවා. ඔයා එයාගෙම වෙයි කියන එක ගැන එයා සම්පුර්ණ විශ්වාසය තියනවා.

20. එයා නිසා ඔයා වඩා හොඳ කෙනෙක් බවට පත් වුනා.

ඔයා මොන විදිහේ කෙනෙක් වුනත් එයා හම්බ වුනාට පස්සේ ඔයා වඩා හොඳ කෙනෙක් බවට පත් වුනා. ඔයාගේ තිබුණු අඩු පාඩු හදා ගෙන දක්ෂතා දියුණු කර ගෙන ඔයා ඉස්සර හිටියාට වඩා බොහෝ දුරක් ගිය කෙනෙක් වෙලා. වැදගත්ම දේ ඒ සේරම වුණේ එයා එක්ක තිබුණු සම්බන්ධයේ ප‍්‍රතිඵලයක් විදිහට කියන එක ඔයාගෙම හදවතට දැනෙනවා. කොහොම වුනත් එයා ඒ කාලේ වගේම දැනුත් ඔයාට ආදරෙයි, ඔයා ගැන එදා වගේම හැඟීමක් එයාට තවමත් තියෙනවා. එයා නිසා ඔයාගේ ජීවිතේ පුදුමාකාර විදිහට ලස්සන වුනා කියලා හිතලා බැලූවාම ඔයාටම තේරෙනවා.

21. එයා කරන හැම දෙයින්ම ඔයා එයාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.

එයා හිතලා කරන, ඒ තරම් හිතන්නේ නැතිව කරන හැම දේම හරිම විනෝද ජනකයි වගේම ආදරේ හිතෙන සුළුයි. මේ නිසා එයා එක්ක ගෙවන ජීවිතේ එන්න එන්නම සුන්දර වෙනවා. ඔයාලා දෙන්නට ලස්සන අනාගතයක් තියෙනවා කියලා එයා දිහා බලා ගෙන හිතන හැම වෙලාවකම ඔයාගේ හිතට දැනෙනවා. එයාගේ තියෙන වැරදිත්, ඔයාගේ තියෙන වැරදිත් දෙන්නම දන්නවා වගේම දෙන්නාගෙන් එක්කෙනෙක්ටවත් සර්ව සම්පුර්ණ වෙන්න බෑ කියලත් ඔයාලා පිලි අරන් තියෙන්නේ. කොහොම වුනත් ඔයාලා දෙන්නම හැමදාම දෙන්නටම ආදරේ බව නිතරම විශ්වාස නිසා මොන අඩු පාඩුවත් හදා ගෙන ඉස්සරහට යන්නට පුළුවන් බව දැනෙනවා. ඔයාලා දෙන්නාගේ ආදරේ තරම් වෙනත් මොන දෙයක්වත් වැදගත් නැහැ.

ටිකක් දිග ලිපියක් වුනත් මේක අගටම කියෙව්වා කියන්නේ ඔයාට ඉන්න පිරිමි ළමයාට මෙයින් ගුණ කිහිපයක් හෝ තියෙනවා කියන එකයි. මොකද හතක් අටක් යද්දී ඒ කිසිම දෙයක් නැති කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්න අය  ර්‍ණඑහෙම මිනිස්සු මේ ලෝකේ නෑ, කොයි පිරිමියාත් එකයි” කියලා තරහෙන් කියවන එක නවත්තන නිසායි. ඒ වගේ අවාසනාවන්ත ගැහැණු අය අතරේ ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්.

ඒ නිසා දැන් යාළු වෙලා ඉන්න පිරිමි ළමයාගේ තියෙන පොඩි අඩු පාඩු ටික හදා ගෙන එයාව ලඟින් තියා ගන්න හිතට ගන්න. මේ වගේ ගතිගුණ තියෙන ළමයි දැන් හරිම අඩුයි. ඒ නිසා ඔයාට ඒ වගේ වාසනාවක් ලැබිලා තියෙනවා නම් ඒක මග හැර ගන්න කලින් ටිකක් හිතුවොත් හොඳයි.

SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment