Dog shot in chest with 3-foot arrow rescued


  පසුගිය 13 වනදා චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ දොරටුව වෙත දිව ආවේ සුදු පැහැති සුනඛයෙක් දෙස සියලුම සිසුන්ගේ අවධානය යොමු වුණා. මේ සුනඛයාගේ ශරීරයේ විශාල ‍ලේ ගලන තුවාල දෙකක් දැකගන්නට ලැබුණා. ඒ විතරක් නොවෙයි මේ සුරතල් සුනඛයාගේ ශරීරය විනිවිධ ගිය ඊතලයක් ද දැකගන්නට ලැබුණා. මේ දර්ශනය දුටු සිසුවියන් කිහිපදෙනකු සිහිසුන්වී බිම වැටුණා. විශ්විද්‍යාලය වෙතම පැමිණි සුනඛයා නතර වූවා. ඒත් ඌ කෙරෙන් දිගින් දිගටම ‍ලේ වහනය වෙමින් තිබුණා.


  සරසවි සිසුන් කිහිපදෙනකු මේ සුරතලාව පශු වෛද්‍යවරයකු වෙත ගෙන යන්නට උත්සාහ ගත්තා. ඒත් මේ සුරතලා එවිට බියවී පලා යන්නට උත්සාහ ගත්තා. පසුව එහි සිටි එක සිසුවියක් තම ජංගම දුරකථනයෙන් සිසුවාත් ක්විමිග් සත්ව ආරක්ෂණ ආයතනයට දුරකථන ඇමතුමක් දුන්නා. විනාඩි කිහිපයකින් ඔවුන් එතැනට ආවා. එහෙම ආපු නිලධාරීන් සුනඛයා අල්ලාගෙන තම රෝහල වෙත ගෙන ගොස් නිර්වින්දනය කර සැත්කමකට ලක් කරා. එසේ කිරීමට පෙරත් කළ පසුත් එක්ස් රේ පරීක්ෂණ කිහිපයකට මේ සුරතලා ලක් කරන්නට ඒ අය කටයුතු කළා. දැන් මේ සතා වේගයෙන් සුව වෙමින් ඉන්නවා.




ඒත් විශ්වවිද්‍යාල සිසුන් ඉන් සෑහීමකට පත් වුණේ නෑ. ඔවුන් සුනඛයාට ඊතලය විද්ද කෙනා සොයන්න පටන් ගත්ත. සතාට වැදී තිබූ ඊතලය දුනුවිදින තරග සඳහා යොදා ගන්නා එකක් බව ඔවුන් හඳුනා ගත්තා. ඒ අනුව නගරයේ දුනුවිදීම පුහුණු වන ක්‍රීඩා සමාජයක් වෙතින් ඔවුන්ට හරි තොරතුරක් ලැබුණා. ඒ තමුන්ගේ පිටියේදී සුනඛයෙක් ඊතලයක් වැදී ඉවතට දිවගිය බව එහි සේවකයකු විසින් පැවසීම නිසා.
  
   කෙසේ වෙතත් චීනය පුරාම ඉන්නා සත්ව හිංසා විරෝධීන් මේ දුනුවිදීමේ සමාජයේ අනාරක්ෂිත බවට විරුද්ධව දැන් කටයුතු කරනවා. මීට පෙරත් සුනඛයන් දෙදෙනකු මෙලෙස ඊ පහරවලට ලක්වී තුවාල ලද බව දැන් දැන් වාර්තා වෙනවා. මෙලෙස අනතුරට පත් සතුන්ට පිහිටවන්නට මේවන විට අරමුදලක් පිහිටුවීමට සිචුවාන් සරසවියේ සිසුන් දැන් කටයුතු කරනවා.

  “ඒ අසරණ සතා වින්ද වේදනාව අපට අමතක කරන්න බෑ. ඒත් එයා හින්දා ඉදිරියේදී අනතුරුවලට මුහුණ දෙන සතුන් වෙනුවෙන් අරමුදලක් බිහිවුණා” යැයි සරසවි ශිෂ්‍යාවක වන ලී ෂියාන් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.


  

SHARE

Admin

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment